Monday, March 28, 2011

ලස්සන ලොවක් සදම්....

මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ අතීත සමරුම්, වත්මන වගේම කාලීන මතෘකා ඔස්සේ මගේ දැක්ම ඉදිරිපත් කරන්න. හැබයි එහෙම පටන් ගත්තට මොකද තාම හරියට ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා. හරි ඔන්න දැන් පොඩි වෙලාවක් ආවා. මට මේක කොහොමහරි ලියන්නම ඔනේ කියලා හිතා ගෙන හිටියත් වෙලාව ඉඩ දුන්නේ නෑ. හැබැයි තවදුරටත් මේක නොලියා ඉන්න බැරි තැනක අපි ඉන්නෙ කියලා හිතුන නිසා තමයි මෙහෙම ලිව්වේ.


කාලගුන විපර්යාස, ගොලීය උනුසුම, ස්වභාවික විපත් වගේ වචන මෑත කාලීනව අහන්න නොලැබුනු දවසක් නැති තරම්. අවුරුදු සිය ගානකට අහන්න නොලබුනු සුනාමි, භූමි කම්පා දැන් සිදු වෙන්නෙ වසරක් පාසා වගෙයි. කුමක් නමුත් ලොකයේ භයානක දෙයක් වෙනවා කියලා හමෝටම තේරිලා.


හැබැයි මේක ගැන කතා කරන්න ගොඩක් දෙනෙක් මැලි වෙනවා. කොටින්ම ලෝක නායකයෝ පවා කතා කරන්නේ බොහොම සීමා සහිතව. ඇයි මේ? ඇත්තටම ලොකේට මොකද වෙන්නේ? වගේ ප්‍රශ්න අද ප්‍රධාන ප්‍රශන විය යුතුව තිබුනත් අපි ඒක මග හරින්නේ හරියට අර හැලිය රත්වෙනකම් නටන කකුලුවෝ වගේ.


මට හිතෙන හැටියට මේ භූමි කම්පා වගේ දේවල් වලට මිනිසාගේ ඍජු සම්බන්ධයක් නැතත් යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන්ම න්‍යෂ්ටික පිපිරීම්, විශාල ජලාෂ, රසායනික දූෂනය වගේ දේවල් බලපාන්න පුලුවන්. ඒක එහෙමද කියලා විද්‍යාඥ්ඥයෝ හොයා ගන්නකොට අපි සෑහෙන්න පරක්කු වෙලා තියෙන්නත් ඉඩ තියෙනවා.


හරි මේ සම්බන්ධයෙන් ලිපි පෙලක්ම ලියන්න මම බලාපොරොත්තු වෙනවා. හැබයි ඊට කලින් අපේ මේ පරිසරය රැක ගන්න කුඩා මිනිසුන් වන අපට කරන්න පුලුවන් දේ මොනවද කියලා කතා කරන්න මම හිතුවා. මුලින්ම අපිට කරන්න පුලුවන් දේවල් කීපයක්ම තියෙනවා. මට හිතුනා ඒවා පහත පරිදි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න. 

  1. පරිසරයට හානි කරන දෑ භාවිතය අවම කිරීම - මේ යටතේ පොලීතින් භාවිතය අවම කිරීම, හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණයට යොමුවීම (උදාහරණයක් විදිහට නිවාස තැනීමෙදී පරණ දොර ජනෙල් යොදාගැනීම, කඩදාසි භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම වගේ දේවල්), පරිසරයට අහිතකර රසායනික විමෝචක සහිත දෑ භාවිතය අවම කිරීම (රසායනික පලිබෝධනාෂක.) වගේ දේවල් ගන්න පුලුවන්. 
  2. අරපිරිමැස්මෙන් පරිහරණය - තමන්ට අත්‍යවශ්‍යය දෑ පමණක් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම (අරපිරිමැසුම් ජල පරිහරණය, etc ....)
  3. හරිත ආයෝජනය - ගස්වැල් සිටුවීම හා අන්‍යයන් ඒ සදහා දිරි ගැන්වීම වගේ දේවල්. ගස්වැල් සිටුවීම මානසික සුවයටත් ඉතා හොඳ බව වත්මනේ වෛද්‍ය මතයයි. පුලු පුලුවන් විදිහට හරි ගහක්කොලක් හිටවලා පරිසරයට යමක් කරන්න අපිට පුලුවන් වුනොත් මේ ලොකේ අඩුම ගානේ අපේ දරු පරම්පරාවටවත් හොදින් ජීවත් වෙන්න පුලුවන් වෙයි. 

හැබැයි අපි ඒ විදියට පරිසරය වෙනුවෙන් දැන් දැන්ම යමක් නොකොලොත් තව බොහොම සුලු කාලෙකින් ලෝක විනාසෙ වෙනවා කියන එක නම් සිකුරුයි. ඒක 2012/12/21 ම නොවුනත් වැඩි ඈතක නොවෙන්න පුලුවන්. ඉතින් යහලු යෙහෙලියනේ අපිට පුලුවන් විදිහට අද අදම පටන් ගමු. දවසක මේ මුලු ලෝකයටම මේ පනිවිඩය යයි. අන්න එදාට අපිටත් ගස්වැල්, මල් පිරිච්ච ලෝකයක් අනාගත අපේ දුවා දරුවන්ට ඉතුරු කරලා දෙන්න පුලුවන් වෙවී. 


ප්‍රමාද නොවී අපි අදම පටන් ගමු. අඩුම තරමින් එක ගසක්වත් සිටුවමු. 

5 comments:

  1. මෙන්න ක්‍රම 100ක්

    http://www.seql.org/100ways.cfm

    ReplyDelete
  2. වෑදගත් ලිපියක් ස්තූතියි

    ReplyDelete
  3. නදී, බොහොම ස්තූතියි.
    ඉෂාර, බොහොම ස්තූතියි. ඒ ලිපිය නම් බොහොම වැදගත්.

    ReplyDelete
  4. බොහොම වටින ලිපියක් මනෝජ් මල්ලී . . .
    බොහොම ස්තූතියි සරලව මේ ගැන ලියපු එකට.
    අපේ ජීවිත වලට ලොකු පනිවිඩයක් මේ ලිපියේ තියෙනවා.

    ReplyDelete
  5. දුකා අයියා, බොහොම ස්තූතියි. පුලුවන් නම් ඔබතුමාගේ අසීමිත හැකියාවෙන් මේ අරමුණටත් තල්ලුවක් දුන්නොත් පින්...

    ReplyDelete