Thursday, October 27, 2011

Sustainability Vs 7 Billion

                                                     Image Credit: stuartwildeblog.com


UN recently reported that the 7 Billionth person would be borne by coming 31st of October. What this 7 Billion really means for future of all of us (i.e. 7 Billion)?


Well, it is scary to imagine the ways that this 7 Billions would fulfil their dreams in the future while another Billion is on the way within next 15 years. These numbers are really frightening.

BBC recently reported that the current global consumption levels could result in a large-scale ecosystem collapse by the middle of the century. They further added that if the world's population shared the UK's lifestyle, three planets would be needed to support their needs.

Each and every one of this 7 Billion want food, water, shelter, education, etc... According to researches, an average person needs around 80 litres of water per day (30 m3 / per year). For 7 Billion, the water requirement is 210 billion m3 per year. That is 84 million Olympic sized pools. Can you believe the magnitude? Within 15 years we need additional 12 million Olympic sized pools of water as well.



Do you think that the sustainability measures that we are talking about currently will set off these resources? Never. Sustainability itself is in vain if the current population growth is not gonna be reduced.

Therefore, strong actions to reduce the population growth rate to be taken by world leaders. Global recession, current Europe turmoil, etc... also directly correlated with this time bomb. However, there are very few actions have been taken throughout the world on this issue.




Population growth rate estimates (by United Nations)
Is there any solution?


Friday, July 8, 2011

ගලන ගඟකි ජීවිතේ

ගලන ගඟකි ජීවිතේ,

මට මේ කතාව ලියන්න හිතුනෙ පහුගිය දොහක මට වෙච්ච සිද්දියක් මතක් වෙච්ච හින්දා. මතක විදිහට මේක වුනේ පහුගිය මාර්තු මාසේ. එදා තමා අපි හා හා පුරා කියලා අලුත් ගෙදරට ගෙවැදිච්ච දවස. ලොකු බඩු මුට්ටු ටික අල්ලපු රටට අල්ලපු රටේ දෙන්නෙකුට (විස්වාස කරන්න ඒ එක්කෙනෙකුත් හරි අපි පස් හය දෙනෙකුත් හරි ) කියලා ගෙන්න ගත්තට මොකදඔය පොඩි පොඩි ලට්ට ලොට්ට ටික ගෙනාවේ අපේ කාර් එකෙන්ම තමයි. උදේ ඉදලම බඩු මුට්ටු ඇදල හවස් වෙනකොටනම් හොදටම හෙම්බත් වෙලා හිටියෙ. හරි ඉතින් කොහොමහරි අපි අන්තිම බඩු ටිකත් ගෙනාවා කියමුකෝවෙලාව රෑ 11ත් පහු වෙලා,හොදටම මහන්සියිගොඩක් රෑ වෙලා හින්ද ගේ ලග පර්කිනුත් නෑ. ඉතින් මොනව කොරන්නදසුපුරුදු වැල්ලෙ පාර්ක් එක දිහාවට මමත් කාර් එක ගෙනිච්චා. 

පාරෙන් අයිනට ගන්නවත් එක්කම මට තෙරුනා මොකක් හරි වැදුනා කියල. නවත්තල බැලින්නම්ඔයිල් ලීක් එකක්. හොර්ස් එකක් වැල්ලෙ තිබිච්ච යකඩ කම්බියක පටලිලා නෙව. මාර වෙලාවක් තමා.. මට ඊට පස්සෙ දවසෙ අලුත් සයිට් එකක වැඩ. ඒකෙ ඉන්නෙ මරුමුස් ප්‍රින්සිපල් ටයිප් ලොක්කෙක් හින්ද අනිවාර්යයෙන්ම වෙලාවටම යන්නම වෙනව. කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. දැම්ම කෝල් එකක් අහල පහලම ඉන්න මල්ලියෙකුට. අපරාදේ කියන්න බෑ මිනිහ ඊලග දවසෙ දුන්නා ලිෆ්ට් එකක් සයිට් එකටම. ඉතින් මම පහුවදා වැඩට ගිහින් අර මරුමුස් ලොක්කගෙන් ඊලග දවසට නිවාඩුවකුත් ඉල්ලගෙන (වැදල වගේ )ආවා ගෙදර. 

ඊලග දවසෙ මම කෝල් කලා පොලිසියටමෙහෙ එහෙමනෙ සිස්ටම් එක. මෙන්න මේ යෝදයෝ කියනවා, "අපිට එන්න බෑ,ඕනෙනම් පොලීසියට වාහනේ ගේන්න කියල". කොහොමත් මෙහෙ පොලීසිය ඔහොම තමයි. සුද්ද වගේම එන්ග්ලිශ් කතා කරන්න බැරිනම් ඉතින් අහැක් විදිහට හරි අරාබි කතා කරන්න ඕනේ. නැත්නම් අපිත් වැටෙන්නෙ අල්ලපු රටේ ගොඩටම තමා. මොනව කරන්නදවාහනේ ලොරියක පටවගෙන ගියා පොලීසියට. ලොරි කාරයත් වාහනේ දාල ගියා වෙන වැඩක් තියෙයි කියලා. පොලිසිය ඇතුලට ගියාම කියපි, "කවුද වාහනෙ මෙහෙට ගෙන්න කිව්වෙවහාම තිබිච්ච තැනට ගෙනියනවඑතකොට අපි ඇවිල්ල බලන්නම්" කියල. කොච්චර වැදල වගේ කිවුවත් හරි ගියෙ නෑ. අයේම ලොරියක් හොයාගෙන කාර් එක ගෙනාව තිබිච්ච තැනටම. ඊට පස්සෙ සෑහෙන්න ට්‍රයි කරල පොලිසියෙ මහත්තයෙක්ව ගෙන්න ගත්ත. ලිය කියවලි ටික ඔක්කොම ගත්තට පස්සෙ අපි දෙන්නත් එක්ක ආයේ ලොරියක් හොයාගෙන ගිහින් දැම්ම workshop එකට. 

විශ්වාස කරන්නමේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා කාර් එක අපිට ආයේ හම්බවෙන්න සති 3ක් විතර ගියා. මේ කාලය ඇතුලතුලදි  නොයෙක් විදියේ මිනිස්සු අපිට හම්බ උනා. මම කාර් වලට ආස උනාට කාර් ගැන වැඩිය දන්නෙ නැති නිසා රැවිටිලිකාරයන්ට අහුවුන අවස්ථා වැඩියි. හැබැයි කාරුණිකව මතක් කරන්න ඕනේමගෙ අසැල්වැසි සහොදරයෝ ටික කරපු උපකාර. ඒව මෙහෙම ලියල ලඝු කරන එකත් මට හිතෙන්නේ එයාලට කරන නිගරුවක් වගේ. හැබැයි දරුනු හිත් වේදනාවක් නම් අවසානයේ ඉතුරු වුනාමිනිස්සු මෙච්චර වෙනත් මනුස්සයෙකුගේ අසරණ කමකදි තමන්ගෙ මඩිය තර කර ගන්න දරුණු වෙන්නෙ ඇයි කියලා.

ඔය අතරෙදි තමයි අපිට හිතුනේ මේක හොරණ තාත්තට කියන්න ඕනේ කියල. අපි මේ විස්තරයක් එ වෙනකම්ම කියල තිබ්බේ නෑ.  කොහොමත් ජීවිතය ගැන දර්ශනවාදීව බලන කෙනෙක් නිසා මටත් හිතුන උපදේශයක් ගන්න ඕනේ කියල. මේ විස්තරෙ ඔක්කොම අහන් ඉදල තාත්ත කිවුවේ "පුතේ ජීවිතේ කියන්නෙ ගඟක් කියල හැම තිස්සෙම මතක තියා ගන්න" කියලාඒ වචන ටික ඇහුනම මට පුදුම සැනසීමක් දැනුනෙ. බුදු හාමුදුරුවෝ දේශනා කල මැදින් පිලිවෙත අනුව ජීවත් වීම එ වචන ටිකේ ගැබ් වෙලා තියෙනව නේද කියල මට හිතුන. කොටින්ම කිව්වොත් අද මම ජීවිතේ දිහා බලන විදිහ වෙනස් වෙන්න ඒ වචන ටික බලපෑව කිව්වොත් හරියටම හරි.

ගලන ගඟකි ජීවිතේ...

ඔයගොල්ලන්ටත් මේ කතාවෙන් ගත යුත්තක් තියේයි නම් ඒක මටත් සතුටක්. කියවල බලල මොකක් හරි හිතේ නම් ඇහක් විදිහට ලියල දාන්නකො. අර ගයාන් මල්ලි කිව්ව වගේ නොන්ඩියක් වුනත් කමක් නෑ...

Thursday, May 19, 2011

දිලුම් මල්ලියේ නුඹට නිවන් සුව ලැබේවා!!!

මල්ලියේ, ජීවිතේ අනියතයි කියලා මම අනේක වාරයක් අහලා දැකලා තියෙනවා, ඒ මාගේ සමීපතයන්ගේ මරණ කීපයක්ම නොසිතූ වෙලාවල සිදු වුන නිසා. 


එත් මල්ලියේ නුඹ අපෙන් වෙන් වුනේ හරිම වෙනස් විදියකට. ඉස්සෙලාම නොසිතූ වෙලාවක නුඹ ගිලන් වුනා. සයිබර් අවකාශයේ මෙන්ම නුඹව අදුනන හැමෝම හිතුවා දිලුම්ව කොහොමහරි ගොඩගන්න ඕනේ කියලා. එහෙම හිතලා කරපු වැඩ ගොඩයි, හිතපු දෙවල් අනන්තයි. ඒ හැමෝම නුඹ වෙනුවෙන් එකතු කරපු හැම රුපියලකම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ ඉලන්දාරියා නැවතත් ඉලන්දාරිකම් කරන්න ඉක්මනටම පටන් ගනී කියලා. ඒ බලාපොරොත්තුව දිනෙන් දින් දලුලා වැඩුනා. ඒත් කවුරුවත්ම නොසිතූ වෙලාවක ඒ බලාපොරොත්තු ඔක්කොම කුඩු පට්ටම් කරලා දෛවය අපෙන් නුඹ උදුරා ගත්තා. 


ඒත් මම දන්නවා මේ මොහෙතෙත් නුඹෙ ඉලන්දාරිකම අපිට පෙන්නපු දෙයක් තියෙනවා. ඒ අනියත බව, ජීවය තණ අග පිනි බිදුවක් බව ඉලන්දාරියෙකුට වුනත් නවත්තන්න බැරි බව. අපි හැමෝම අසරණයි මල්ලියේ, ආයෙත් නුඹව මේ ලෝකෙට කැදවාගෙන එන්න අපි කාටවත් හයියක් නෑ, එත් මතු කවමදාවත් මෙවන් අකල් මරණයක් නොවන්නට හැමදාමත් පින් දෙනවා. දිලුම් මල්ලියේ නුඹට නිවන් සුව ලැබේවා!!!

පින්තුරය සිහින තවලම බ්ලොග් එකෙන් 

Monday, March 28, 2011

ලස්සන ලොවක් සදම්....

මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ අතීත සමරුම්, වත්මන වගේම කාලීන මතෘකා ඔස්සේ මගේ දැක්ම ඉදිරිපත් කරන්න. හැබයි එහෙම පටන් ගත්තට මොකද තාම හරියට ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා. හරි ඔන්න දැන් පොඩි වෙලාවක් ආවා. මට මේක කොහොමහරි ලියන්නම ඔනේ කියලා හිතා ගෙන හිටියත් වෙලාව ඉඩ දුන්නේ නෑ. හැබැයි තවදුරටත් මේක නොලියා ඉන්න බැරි තැනක අපි ඉන්නෙ කියලා හිතුන නිසා තමයි මෙහෙම ලිව්වේ.


කාලගුන විපර්යාස, ගොලීය උනුසුම, ස්වභාවික විපත් වගේ වචන මෑත කාලීනව අහන්න නොලැබුනු දවසක් නැති තරම්. අවුරුදු සිය ගානකට අහන්න නොලබුනු සුනාමි, භූමි කම්පා දැන් සිදු වෙන්නෙ වසරක් පාසා වගෙයි. කුමක් නමුත් ලොකයේ භයානක දෙයක් වෙනවා කියලා හමෝටම තේරිලා.


හැබැයි මේක ගැන කතා කරන්න ගොඩක් දෙනෙක් මැලි වෙනවා. කොටින්ම ලෝක නායකයෝ පවා කතා කරන්නේ බොහොම සීමා සහිතව. ඇයි මේ? ඇත්තටම ලොකේට මොකද වෙන්නේ? වගේ ප්‍රශ්න අද ප්‍රධාන ප්‍රශන විය යුතුව තිබුනත් අපි ඒක මග හරින්නේ හරියට අර හැලිය රත්වෙනකම් නටන කකුලුවෝ වගේ.


මට හිතෙන හැටියට මේ භූමි කම්පා වගේ දේවල් වලට මිනිසාගේ ඍජු සම්බන්ධයක් නැතත් යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන්ම න්‍යෂ්ටික පිපිරීම්, විශාල ජලාෂ, රසායනික දූෂනය වගේ දේවල් බලපාන්න පුලුවන්. ඒක එහෙමද කියලා විද්‍යාඥ්ඥයෝ හොයා ගන්නකොට අපි සෑහෙන්න පරක්කු වෙලා තියෙන්නත් ඉඩ තියෙනවා.


හරි මේ සම්බන්ධයෙන් ලිපි පෙලක්ම ලියන්න මම බලාපොරොත්තු වෙනවා. හැබයි ඊට කලින් අපේ මේ පරිසරය රැක ගන්න කුඩා මිනිසුන් වන අපට කරන්න පුලුවන් දේ මොනවද කියලා කතා කරන්න මම හිතුවා. මුලින්ම අපිට කරන්න පුලුවන් දේවල් කීපයක්ම තියෙනවා. මට හිතුනා ඒවා පහත පරිදි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න. 

  1. පරිසරයට හානි කරන දෑ භාවිතය අවම කිරීම - මේ යටතේ පොලීතින් භාවිතය අවම කිරීම, හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණයට යොමුවීම (උදාහරණයක් විදිහට නිවාස තැනීමෙදී පරණ දොර ජනෙල් යොදාගැනීම, කඩදාසි භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම වගේ දේවල්), පරිසරයට අහිතකර රසායනික විමෝචක සහිත දෑ භාවිතය අවම කිරීම (රසායනික පලිබෝධනාෂක.) වගේ දේවල් ගන්න පුලුවන්. 
  2. අරපිරිමැස්මෙන් පරිහරණය - තමන්ට අත්‍යවශ්‍යය දෑ පමණක් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම (අරපිරිමැසුම් ජල පරිහරණය, etc ....)
  3. හරිත ආයෝජනය - ගස්වැල් සිටුවීම හා අන්‍යයන් ඒ සදහා දිරි ගැන්වීම වගේ දේවල්. ගස්වැල් සිටුවීම මානසික සුවයටත් ඉතා හොඳ බව වත්මනේ වෛද්‍ය මතයයි. පුලු පුලුවන් විදිහට හරි ගහක්කොලක් හිටවලා පරිසරයට යමක් කරන්න අපිට පුලුවන් වුනොත් මේ ලොකේ අඩුම ගානේ අපේ දරු පරම්පරාවටවත් හොදින් ජීවත් වෙන්න පුලුවන් වෙයි. 

හැබැයි අපි ඒ විදියට පරිසරය වෙනුවෙන් දැන් දැන්ම යමක් නොකොලොත් තව බොහොම සුලු කාලෙකින් ලෝක විනාසෙ වෙනවා කියන එක නම් සිකුරුයි. ඒක 2012/12/21 ම නොවුනත් වැඩි ඈතක නොවෙන්න පුලුවන්. ඉතින් යහලු යෙහෙලියනේ අපිට පුලුවන් විදිහට අද අදම පටන් ගමු. දවසක මේ මුලු ලෝකයටම මේ පනිවිඩය යයි. අන්න එදාට අපිටත් ගස්වැල්, මල් පිරිච්ච ලෝකයක් අනාගත අපේ දුවා දරුවන්ට ඉතුරු කරලා දෙන්න පුලුවන් වෙවී. 


ප්‍රමාද නොවී අපි අදම පටන් ගමු. අඩුම තරමින් එක ගසක්වත් සිටුවමු. 

Sunday, March 27, 2011

ජීවිතය....

ගැටෙන ඇලෙන සිත ඉගිලෙයි
නිම් තෙරක් නොමැති සිතිවිලි අහසේ


සසර දිගුයි තව තව දිගු වෙයි
කෙදිනද කෙලෙසද අවසන
කොතැනද ඇරඹුම


මිරිඟු සයුර පසු පස ඇදෙනා
අශාවේ පහනින් දැවෙනා
මෙරු රෑන නොවේද අප.......

Monday, February 21, 2011

බිම් බෝම්බය

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එකක් ලියන්න වෙලාවක් ආවා. පම්පෝරියකට නෙවේ හැබැයි පහු ගිය ටිකේම හොද පෝරියල් ටිකක් තමයි ලොක්කා දුන්නේ. ගෙදර යන්න හැම දාම රෑ උනා විතරක් නෙමෙයි, සති අන්තෙත් වැඩ කරන්න උනා. හරි දැන් මට හිතෙනවා කම්මැලිකමයි, මහන්සියයි යන්නත් එක්ක පොඩි රසවත් කතාවක් ලියන්න.


මේක සිද්ද වුනේ මම කැම්පස් එකේ first year ඉන්න දවස්වල. මගේ අතිජාත මිත්‍රයෙකුට වෙච්ච seen එකක්. අපේ මේ කතා නායකයා ස්කෝලේ ඉදලම මගේ ගජයා. ගෙවලුත් වැඩි ඈතක නෙවෙයි. පොඩි කාලේ ඉදලම ඉගෙනීමට වගේම Cricket වලටත් දක්ෂයා. මටත් ඉතින් හොඳ Cricket උනක් එදා ඉදලම තිබබ නිසා හැම දාම වගේ කට්ටියත් එක්ක Cricket අතක් දෙකක් නම් වර දින්නෙම නෑ. හරි දැන් කතාවට එමුකෝ.


ඉස්කෝලෙන් පස්සේ මම මොරටුවටත් යාලුවා පේරා කැම්පස් එකටත් තමයි සෙට් වුනේ. වැඩකරු නිසාම, අපේ මිත්‍රයාට පේරා ටීම් එකේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙන්න ගියේ බොහොම සුලු කාලයක්. මම මොරටුවේ හිටියට මොකද අඩුම ගානේ මාසෙකට සැරයක් වත් අපි දෙන්නා සෙට් වෙනවා. 


මෙහෙම ටික දවසක් යද්දි අපේ යාලුවට සෙට් වෙනවා match එකක් මොරටු ටීම් එකත් එක්ක. මූ ඉතින් මට වේලාසනින්ම කිව්වා සීන් එක. මටත් ෆුල් ජොලි, ඇයි ඉතින් මගේ ගජයෙක් කියලා බය නැතුව කියන්න පුලුවන් පොරක්නේ, අනික ගමේ යාලුවෙක් කියලා පෙන්නන්න අපේ campus එකේ හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. 


ඔන්න දැන් අපේ කතානායකයා ප්‍රමුඛ team එක ගොඩ බැස්සා. එදා වැඩිය වැඩකුත් තිබ්බෙ නැති හින්දා, මමත් හොස්ටල් සෙට් එක දක්කගෙන ගියා match එකට. ඔන්න match එක පටන් ගත්තා කියමුකෝ, පෙරා තමයි බැටින්. හැබයි සද්දෙ දාගෙන ආවට මොකද, ලකුනු 10ක් යන්න කලියෙන් කඩුල්ලක් ගියපි. ඊලගට ආවේ අපේ ලොක්කා. කොහොමත් දක්ෂයා නිසා මම හිතුවා අඩුම 50ක් වත් ගහයි කියලා. කොහෙද මාවත් නොන්ඩි කරගෙන එක දිගට 4 දෙකක් ගහලා මූත් අවුට්. එදා ඉතින් මට කාලා ඉන්න නෑ අපේ සෙට් එකෙන්. 


ඊට පස්සේ දවසෙත් පේරාට match එකක්. ඉතින් ටීම් එක නැවතුනේ campus එකේම තමයි. වෙනස් පරිසරයක සෙට් වෙච්ච නිසා, අපි දෙන්නත් එක්ක දැම්මා පොඩි සoචාරයක්. ආගිය තොරතුරුත් කතා කරලා ඉවර වෙනකොට හොදටම රෑ බො වුනා. මේ අතරේ ඊට පස්සේ දවසේ අපෙ Computer Engineering Department එකෙන් ලොකු exhibition එකක් තිබ්බා. කොහොමත් නව පර්යේෂන එලියට දාන තැනක් නිසා අපි දෙන්නම උදේන්ම යන්න කතා කරගෙන තමයි චැට් එක ඉවර කලේ.


ඔන්න ඊලඟ දවසේ 9ට විතර සෙට් වුනා. Computer Department එක තිබ්බේ අපේ Department එකට පහල තට්ටුවේ. Campus එකේ වැඩිය exhibition නැති හින්දමද මන්ද සෑහෙන්න ජනතාවක් ඇවිල්ලා හිටියා. අපි දෙන්නත් ඉතින් ඔන්න කුටියෙන් කුටිය බල බල යනවා. ඉස්සෙල්ලම කියන්න අමතක වුනානේ. අපේ කතානායකයා සත්ව අවිහින්සාව ඉහලින්ම අගය කරන dial එකක්. 


හරි, දැන් ඔන්න අපි ගියා robot තියෙන කුටියකට. මාර සෙල්ලම් තමයි එතන, නෙක නෙක උපකරණ පිරිලා. ඔය අතරේ එක තැනක තිබ්බා බිම් බෝම්බ හොයන රොබොට් සෙට් එකක්. දැන් ඔන්න කන්පීතරයෙක් explain කරනවා වැඩේ. ටික වෙලාවකින් මිනිහා ගත්තා පොඩි micro robot උපකරනයක්. ඒකට පුලුවන්ලු බිම් බෝම්බ detect කරන්න. ඒක මීයෙක්ගේ බඩේ බැඳලා බිම් බෝම්බ ඇති පැති වල යවන්න තමයි නිර්මාණයේ අදහස. 


මේ වෙලාවේ මුලු කුටියම වගේ පිරිල හිටියේ. කාන්තා පාර්ෂ්‍යවයත් පිරිලා. මීයෙක් පාවිච්ච් කරනවා කියලා ඇහුවා විතරයි අපේ යාලුවට 84000ටම කෙන්ති ගියා. මට මොනවත් කියන්නවත් වෙලාවක් තියන්නේ නැතුව මෙන්න මූ අහපි "එතකොට මීයා මැරුනට කමක් නැද්ද?" කියලා. අහපු සද්දෙට හැමෝම වගේ seen එක දිහාවට බැලුවා. මටත් හිතුනේ ඇත්ත නේන්නම් කියලා. වටේ හමෝමත් අපි දිහා බැලුවේ "ඇත්ත නේන්නම් කතාව" වගේ බැල්මකින්. මෙන්න එතකොට අර කන්පීතරයා කියපි "මීයෙක්ගෙ බරට බිම් බෝම්බ පිපිරෙන්නේ නෑනේ මල්ලි" කියලා. මොන දෙයියන්ට කියන්නද? මට පොලොව පලාන යන්න හිතුනා. මුලු කුටියම දෙවනත් වෙන්න හිනා හඬ. හිනා සාගරයක් මැදින් කොහොමහරි canteen  එක පැත්තට යාගන්නකම් මට කොටින්ම හුස්ම වැටුනෙත් නැති ගානයි.... කොටින්ම ඒ equipment එක බැඳගෙන බිම් බෝම්බයක් උඩට පැන්නනම් මීට හොඳයි කියලා අපේ යාලුවට හිතෙන්න ඇති....  

Thursday, January 6, 2011

Recession and lessons

guardian.co.uk
2006-2007 was the time when the great boom hit its highest point as I believe in Dubai. The no of developments on the map was phenomenal and huge in contrast. Some of the projects were introduced as twice the size of Hong Kong. Construction flux was everywhere and hardly you would find a place where you don't see any tower crane. The world's tallest tower, the biggest shopping mall, the longest tunnel, the longest automated metro system, the most expensive hotels, the biggest man made islands, you name it. Almost every development was in the highest in its caliber. 


Thousands of construction experts were hired by the local and international firms to meet the immense requirement and most of the times the requirement was far higher than the supply. Banks were throwing money and there was nothing called mortgages in Dubai. If you could find a job in Dubai, that's it, bank would come to your office station or home and would lend you any amount that you could imagine. Most of the people thought that they have come to the ultimate heaven and the surrounding environment also gave enough clues. There were very few who didn't believe in this boom to continue. 


Suddenly, I heard a news that some of the banks in States in trouble and their President is seeking the help of the Americans to come out from the issue. Still, Dubai was running in its full swing. Latest models of cars, crowded expensive shopping malls were still running. Around two months later their was a small wind blown across. The big developers slowed a little bit to see the wind blows. Still we were running. It took another one month, suddenly the storm hit our giant giant boom.... The biggest developers even started to fire their employees. Thousands of tower cranes were stopped, no swing. The busy construction sites got silent day by day. The heat was imminent in all parts. Day by day the number of employees sacked were grown. It seemed that it would be heading towards the end of the modern civilization. Banks were in a big trouble to recover those loans. I couldn't imagine such an effect of economy on the whole living system of the people. It was immense and I believe it even affected to the health matters. 


It showed the underline truth of this economic system and the modern life style attached to it. I think we all need to go back to our religions and adjust our way of life, cos for sure there would be many more storms to come while we would see the bright sun in between.