මේ ලගදි ගයාන් මල්ලිගේ බ්ලොග් එක කියවනකොට දැක්කා "අප පාසැල් ගිය කාලයේ"කියල පොස්ට් එකක්. මරේ මරු. මටත් එක පාරටම වගේ මතක් වුනේ අපේ ක්ලාස් එක. පුදුම සුන්දර අතීතයක්.
ඉස්කෝලෙන් අයින් උනත් එක්කම මම නුවරින් ටිකක් දුරට ගිය නිසා සෙට් එක ඇත්තටම මිස් උනා. හැබයි මතකයන් නම් ඒ විදියටම ඉතුරු උනා. අපේ ක්ලාස් එක තමයි ඉස්කොලේ තිබ්බ එකම maths ක්ලාස් එක. හරිම සෙට් එකක් තමයි හිටියේ. කොටින්ම ඕනම ජාතියක පිස්සෙක් එතන හිටියා. හැබැයි කිසි වලියක් නැති අහින්සකම සෙට් එක කියල තමයි හමෝම හිතා ගෙන හිටියේ. මගේ පේලියෙම ලගම හිටියෙ චන්දනයා තමයි. පිටිපස්ස පෙලිය තමයි සෙට් එක. උඩ්ඩා පෙරටු කොට ගෙන සංජීවයා, උනන්තැන්න. මාරම සෙට් එක. එක එක කාලෙට එක එක පිස්සු වැඩ තමයි තිබ්බේ. කාලයක් පෑන් ගැහුවා, කාලයක් චෙස්, අයෙමත් book cricket, one bump... ක්ලාස් එක ඇතුලෙ කරන්න පුලුවන් හැම දේම කලා. කරපු දේවල් මතක් කරන කොට දැනෙන සන්තෝසේ...
මම දන්නවා හැමෝටම මේ වගේ සුන්දර මතක සටහන් තියෙනවා කියලා. හැබයි අපි මතක් කර කර ඉන්නවා විතරයි, ජීවිතයට ඉක්මනටම ඉගෙන ගත යුතු වැදගත්ම පාඩම එතන තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කාලේ එච්චරම සුන්දරයි කියලා අපිට හිතුනේ නෑනේ. ඒ කාලේ ගොඩක් දෙනෙක් හිතන්නේ ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයලා තමන්ටම කියලා car එකක්, ඇදුම් ආයිත්තම් වගේ දේවල් ගන්න පුලුවන් කාලේ තමයි සුන්දර කියලා. ඒත් අපි අද එතනට ඇවිල්ලා බැලින්නම් ඒ කාලෙට සාපෙක්ශව අද අපායක් නේද කියලා අනිවාර්යයෙන්ම හිතෙනවා. තව ටිකක් වයසට යන කොට දැන් ඉන්න කාලේ හොදයි කියලා හිතෙයි. අපි සන්තොසේ හෙට ලබනවා කියලා අද ගැන නොහිතන එක කොයි තරම් මෝඩ වැඩක්ද..............