Thursday, May 19, 2011

දිලුම් මල්ලියේ නුඹට නිවන් සුව ලැබේවා!!!

මල්ලියේ, ජීවිතේ අනියතයි කියලා මම අනේක වාරයක් අහලා දැකලා තියෙනවා, ඒ මාගේ සමීපතයන්ගේ මරණ කීපයක්ම නොසිතූ වෙලාවල සිදු වුන නිසා. 


එත් මල්ලියේ නුඹ අපෙන් වෙන් වුනේ හරිම වෙනස් විදියකට. ඉස්සෙලාම නොසිතූ වෙලාවක නුඹ ගිලන් වුනා. සයිබර් අවකාශයේ මෙන්ම නුඹව අදුනන හැමෝම හිතුවා දිලුම්ව කොහොමහරි ගොඩගන්න ඕනේ කියලා. එහෙම හිතලා කරපු වැඩ ගොඩයි, හිතපු දෙවල් අනන්තයි. ඒ හැමෝම නුඹ වෙනුවෙන් එකතු කරපු හැම රුපියලකම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ ඉලන්දාරියා නැවතත් ඉලන්දාරිකම් කරන්න ඉක්මනටම පටන් ගනී කියලා. ඒ බලාපොරොත්තුව දිනෙන් දින් දලුලා වැඩුනා. ඒත් කවුරුවත්ම නොසිතූ වෙලාවක ඒ බලාපොරොත්තු ඔක්කොම කුඩු පට්ටම් කරලා දෛවය අපෙන් නුඹ උදුරා ගත්තා. 


ඒත් මම දන්නවා මේ මොහෙතෙත් නුඹෙ ඉලන්දාරිකම අපිට පෙන්නපු දෙයක් තියෙනවා. ඒ අනියත බව, ජීවය තණ අග පිනි බිදුවක් බව ඉලන්දාරියෙකුට වුනත් නවත්තන්න බැරි බව. අපි හැමෝම අසරණයි මල්ලියේ, ආයෙත් නුඹව මේ ලෝකෙට කැදවාගෙන එන්න අපි කාටවත් හයියක් නෑ, එත් මතු කවමදාවත් මෙවන් අකල් මරණයක් නොවන්නට හැමදාමත් පින් දෙනවා. දිලුම් මල්ලියේ නුඹට නිවන් සුව ලැබේවා!!!

පින්තුරය සිහින තවලම බ්ලොග් එකෙන්